For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
ගුරුවරුන්: EduLanka.info හි ඔබ දැනගත යුතු සියල්ල

ගුරුවරුන්: EduLanka.info හි ඔබ දැනගත යුතු සියල්ල

To read this article in English, please click here.

මෙම වෙබ් අඩවියෙහි දැන්වීම් පළ කිරීමට කැමති ගුරුවරුන්ට අවශ්‍ය සියලු විස්තර මෙම ලිපියෙහි දැක්වේ.

ගුරුවරයෙකු ලෙස වෙබ් අඩවිය භාවිතා කිරීම

දැන්වීම්
Featured Ads සහ Simple Ads
Bump-Ups
දැන්වීම් පැකේජයක් මිලදී ගැනීම
Student Reviews
Teacher Profile

දැන්වීමක් පළ කරන්නේ කෙසේද?
තම දැන්වීම Featured Ad එකක් ලෙස ලකුණු කිරීම
ඔබේ දැන්වීම submit කිරීම
දැන්වීම් Review කිරීම සහ Publish කිරීම
ප්‍රතික්ෂේප කළ දැන්වීම්

ගුරුවරයෙකු ලෙස වෙබ් අඩවිය භාවිතා කිරීම

ඔබට මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකි ආකාර දෙකකි:

ඔබගේ පන්ති පිළිබඳ දැන්වීම් මෙහි පළ කිරීම තුලින් ඒ ගැන ශිෂ්‍යයන් දැනුවත් කිරීමට (දැන්වීම් පැකේජයක් මිළදී ගත යුතු වේ).

සහ,

සිසුන් විසින් පළ කරන ලද දැන්වීම් පිරික්සීමෙන් පන්ති සොයා ගැනීමට (100% නොමිලේ ).

මේ සඳහා ඔබට EduLanka.info හි profile එකක් තිබිය යුතුය. මෙම ලිපියෙහි දක්වා ඇති පරිදි ඔබටත් ඔබගේ profile එක සාදා ගත හැක.


දැන්වීම්

ගුරුවරයෙකු ලෙස, ඔබ පළ කරන දැන්වීම් “Class Provided” වර්ගයට අයත් වේ.

මෙම වෙබ් අඩවියෙන් ඔබට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයයන් සම්බන්ධ පන්ති ප්‍රවර්ධනය කළ හැකිය.

ඔබේ දැන්වීම් EduLanka.info වෙබ් අඩවියේ පළ කළ හැක්කේ Standard Pack දැන්වීම් පැකේජයක් මිලදී ගැනීමෙන් පමණි. පැකේජ වර්ග 3 ක් ඇති අතර ඔබට ඒවායේ විස්තර මෙතැනින් සොයාගත හැකිය.

පළමුවෙන්ම දැන්වීම් පැකේජයක් මිලදී නොගෙන Classes Provided කාණ්ඩවල දැන්වීමක් පළ කිරීමට ඔබ උත්සාහ කරන්නේ නම් පහත දැක්වෙන දෝෂය ඔබට පෙන්වනු ඇත:

වෙබ් අඩවිය තුල ඔබේ දැන්වීම කල් ඉකුත් නොවේ.

EduLanka.info වෙබ් අඩවියේ ගිණුමක් සෑදීමෙන් ඔබට මෙම වෙබ් අඩවියේ ප්‍රකාශිත සියලුම දැන්වීම් බැලීමට හැකියාව ලැබේ. ශිෂ්‍යයන් හෝ වෙනත් ගුරුවරුන් විසින් පළ කරන දැන්වීම් බැලීමට ඔබට පැකේජයක් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

ඔබ දැන්වීමක් ප්‍රකාශයට පත් කරන විට, එය වෙබ් අඩවියේ විවිධ ප්‍රදේශවල දර්ශනය වේ; මුල් පිටුව, සෙවුම් පිටු සහ තනි දැන්වීම් පිටුව.

තනි දැන්වීම් පිටුවෙහි දැන්වීම පෙළගැස්ම පහත පරිදි වනු ඇත:



ඔබේ දැන්වීම Featured Ad එකක් ලෙස සකසන්නේ නම්, එය වෙබ් අඩවියේ ස්ථාන කිහිපයකම ප්‍රදර්ශනය වන අතර එමගින් සිසුන්ගේ විශේෂ අවධානයක් ලැබෙනු ඇත. Featured Ad එකක් යනු කුමක්ද?

Simple Ad එකක් යනු Featured Ads නොවන දැන්වීම් ය.

Featured Ad එකක “Featured” තත්වය සඳහා නියමිත කාල සීමාවක් ඇත. එය කල් ඉකුත් වූ විට, එම දැන්වීම ස්වයංක්‍රීයව Simple Ad එකක් බවට පරිවර්තනය වේ.

Simple Ads කල් ඉකුත් නොවේ.

කාල සීමාව ඉක්මවූ Featured Ad එකක් edit කිරීමෙන් නැවත Featured තත්ත්වය ස්ථාපනය කළ හැකිය.

ඔබගේ සක්‍රීය Featured Ads සහ Simple Ads, වෙබ් අඩවියේ Dashboard හි My Ads යටතේ සොයාගත හැකිය.


Bump-Ups

වෙනත් ගුරුවරුන් දැන්වීම් පළ කරන විට, ඔබේ Simple Ads (Featured Ads ලෙස සකසා නොමැති) All Ads පිටුවෙහි පහළට යනු ඇත.

එය ලැයිස්තුවේ ඉහළට තල්ලු කිරීම සඳහා ඔබට එය Bump Up කළ හැකිය. Bump Up දැන්වීමක් යනු කුමක්ද?


දැන්වීම් පැකේජයක් මිලදී ගැනීම

ඔබ මිලදී ගන්නා දැන්වීම් පැකේජය මත පදනම්ව ඔබට වරකට පළ කළ හැකි දැන්වීම් ගණන වෙනස් වේ. නව දැන්වීම් පළ කිරීම සඳහා, ඔබ Standard Pack පැකේජයක් මිලදී ගත යුතුය. (දැනටමත් පළ කර ඇති දැන්වීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන Booster Pack නොවේ.)

මෙම විශේෂාංග පිලිබඳව වැඩිදුර විස්තර මෙහි දැක්වේ.


Student Reviews

ඔබ පළ කරන සෑම දැන්වීමක් මතම ඔබේ සිසු සිසුවියන්ට reviews තැබිය හැකි වේ. ඔවුන්ගේ මෙවැනි අවංක අදහස් ඔබ කෙරෙහි විශ්වාසනීයත්වය ඇති කිරීමට උපකාරී වේ.

ඔබගෙන් ඉගෙනගැනීමේ අත්දැකීම හා ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස් මේ ආකාරයට වෙබ් අඩවියේ සඳහන් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට අමතක නොකරන්න. මෙම reviews තනි දැන්වීම් පිටුවල ඔබගේ දැන්වීමට පහතින් පෙන්වයි.

මෙම reviews මත වෙබ් අඩවිය භාවිතා කරන ඕනෑම කෙනෙක්ට react කළ හැකි වේ.


Teacher Profile

ගුරුවරයෙක් වශයෙන් ඔබට profile picture එකක් සමග සම්පූර්ණ profile එකක් තිබිය යුතු වේ.

එමඟින් සිසු සිසුවියන් තුල ඔබ ගැන විශ්වාසයක් ඇති වීම නිසා වැඩි දෙනෙක් ඔබ හා සම්බන්ධ වීමට ඇති ඉඩකඩ වැඩි වේ. ඔබගේ profile එක සාදාගැනීම පිලිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න.


දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

ඔබට දැන්වීමක් පළකිරීමට අවශ්‍ය නම්, දැන්වීම් පැකේජයක් මිලදී ගත යුතුය.

Start

Post Ad‘ බොත්තම ක්ලික් කරන්න.

Title

ඔබගේ දැන්වීමට අවශ්‍ය title එකක් යොදන්න. මෙහිදී වඩාත් ගැලපෙන වචන යොදා ගැනීම ඔබට වාසිදායක වේ.

උදා: 2022 උසස් පෙළ භෞතික විද්‍යාව <ගුරුවරයාගේ නම>

මෙම කොටස අක්ෂර 100කට සීමා කළ යුතු වේ.

තවද, මෙහිදී ඉංග්‍රීසි අක්ෂර හා වචන පමණක් යොදා ගැනීම වෙබ් අඩවියේ දැන්වීම් search කිරීමේදී වඩාත් සුදුසු වේ.

Category

පහත ආකාරයට category එක තෝරාගන්න: A/L Classes Provided හෝ O/L Classes Provided

ඒ මත ඔබට අදාළ වන subcategory එකද තෝරාගත යුතුය.

A/L Classes Provided (subcategory 5 කි):

Arts Classes Provided

Commerce Classes Provided

Maths & Bio Classes Provided

Tech Classes Provided

General English Classes Provided

O/L Classes Provided (subcategory නොමැත)

සාමන්‍ය පෙළ පන්ති වලට අදාළ දැන්වීම් සියල්ල එක් කාණ්ඩයක් යටතේ පළ කෙරේ.

User Information

ඔබගේ විස්තර මෙම කොටසට ඇතුළත් කරන්න.

Your Name – ඔබගේ සම්පූර්ණ නම සඳහන් කරන්න

Mobile Number – ජංගම දුරකථන අංකය සඳහන් කරන්න (නිවැරදි දැයි නැවත බලන්න)

District – ඔබ පන්ති පවත්වන ස්ථානයට අදාළ දිස්ත්‍රික්කය දක්වන්න. පන්තිය online නම් ONLINE යන්න select කරන්න.

Address – ඔබ පන්ති පවත්වන ආයතනය හෝ අදාළ ස්ථානය මෙහි දැක්විය හැක. මෙහිදී අදාළ නගරය පමණක් සඳහන් කිරීම ද ප්‍රමාණවත් වේ.

ඔබ පන්ති පවත්වන්නේ online නම් – District යටතේ ONLINE යන්න search කර select කරන්න.

Ad Description

ඔබගේ පන්ති පිලිබඳ අවශ්‍ය සියලු විස්තර මෙම කොටසට ඇතුලත් කරන්න. එනම්:

  • ඔබේ පන්ති කාලසටහන්
  • ගෙවීම් පිළිබඳ තොරතුරු
  • විෂය නිර්දේශ පැහැදිළි කිරීම් සහ අධ්‍යයන සැලසුම්
  • ගුරුවරයෙකු ලෙස ඔබේ විශේෂත්වය හා
  • ඔබට ප්‍රචාරය කිරීමට අවශ්‍ය අනෙක් සියලු විස්තර!

මෙම කොටසෙහි විස්තර කිරීම් සඳහා සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම භාවිතා කළ හැකිය.

Edit page එකේ description එක පහත ආකරයට පෙනෙනු ඇත:

ඉහත දැක්වෙන edit page එකේ bullet points දැකිය නොහැකි වුවද, ඒවා ඔබගේ දැන්වීම මත හොඳින් පෙන්වනු ලබයි. අවශ්‍ය නම් මෙම sample එක බලන්න.

ඔබගේ දැන්වීම තනි දැන්වීම් පිටුවෙහි පළ වන්නේ මේ ආකාරයටයි:

Type of Ad

මෙම කොටසට “Class Provided” යන්න select කරන්න.

ඒ මඟින් ඔබගේ දැන්වීම සමඟ පහත දක්වන ලෙසට tag එකක් පෙන්වනු ලබයි.

Price Type


මෙහිදී ඔබගේ පන්තිවලට ගෙවීම් කළ යුතු ආකාරය සඳහන් කළ යුතු වේ. එය Per Hour / Per Session / Per Month යන ඒවා අතරින් select කරන්න.

එවිට ඔබගේ දැන්වීමෙහි පන්ති ගාස්තුව සමඟ මෙයද පෙන්වනු ලබයි.

Price

ඔබ ඉහත සඳහන් කළ තේරීමට අදාලව අය කිරීමට බලාපොරොත්තු වන ගාස්තුව මෙහි type කරන්න.

ඔබ පන්තියක් නොමිලේ පවත්වන්නේ නම්, මෙහි 0 ලෙසට සඳහන් කරන්න. සියලුම මිල ගණන් රුපියල් වලින් දක්වා ඇත.

YouTube Link

ඔබගේ ‍YouTube channel එකේ එක් video එකක සම්පූර්ණ link එක මෙහි ඇතුලත් කරන්න.

මෙහිදී ඔබ සහ ඔබගේ පන්ති ගැන හැඳින්වීමක් කරමින් video එකක් මෙයට ඇතුලත් කිරීම ඔබට වාසිදායක වේ. එමගින් සිසුන්ට ඔබේ සේවාවන් සම්බන්ධව වඩාත් හොඳ අවබෝධයක් ලබාදීමටත්, ඔබේ පන්ති සඳහා ඔවුන්ව ආකර්ශනය කරගැනීමටත් ඔබට අවස්ථාවක් ලැබේ.

එවිට පහත ආකාරයට එම video එක ඔබගේ දැන්වීමෙහි පෙන්වනු ලබයි.

Photos

මෙහි ඇතුලත් කරන ඡායාරූප සඳහා වඩාත් සුදුසු වන dimensions ලෙස 760 px * 410 px දැක්විය හැක.

තවද, මෙහිදී සමචතුරස්‍රාකාර ඡායාරූප crop වේ. එමනිසා හොඳම ප්‍රතිඵල සඳහා ඉහත ප්‍රමාණයට සාදන ලද පින්තූර භාවිතා කරන්න

ඔබ මෙහි ඇතුලත් කරන ඕනෑම ඡායාරූපයක් 800 kb ට අඩු විය යුතු ය.

Subject

ඔබගේ පන්ති වලට අදාළ විෂය මෙහි සඳහන් කරන්න. අදාළ නම් පමණක් විභාගය හා විභාග වර්ෂයද මෙහි දක්වන්න. (උදා: භූගෝල විද්‍යාව 2022 A/L)

Medium

ඔබ පන්ති පවත්වන සියලු මාධ්‍ය මෙහි සඳහන් කරන්න.

Is the Class Online?

Yes – සියලුම පන්ති Online පමණක් පවත්වන්නේ නම්

No – කිසිදු හේතුවක් මත online පන්ති පැවැත්විය නොහැකි නම්

Can be arranged if requiredඅවශ්‍යතාව මත online පන්ති පැවැත්විය හැකි නම්

Type(s) of Class Provided

මෙහිදී ඔබගේ පන්ති පැවැත්වෙන ආකාර (කිහිපයක් තිබිය හැක) සඳහන් කරන්න.

Size of Class

ඔබගේ පන්තියකට සහභාගි කරවාගැනීමට බලාපොරොත්තු වන සිසුන් ගණන මෙහි සඳහන් කරන්න.

මෙම කොටසට තේරීම් කීපයක් තිබිය හැක.

Website Link (If available)

ඔබගේම website එකක් ඇත්නම්, එයද මෙහි සඳහන් කිරීමට අවස්ථාවක් ඇත.

එය දැන්වීම මත ‘View Website‘ ලෙස පෙන්වනු ලබයි.

Teacher’s profile

ඔබගේ දැන්වීමේ පහත තොරතුරුද ඇතුලත් කළ හැක.

ඇතැම් සිසු සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට ගුරුවරුන් පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය වේ (වයස ,අධ්‍යාපන සුදුසුකම්, පළපුරුදු කාලය යනාදී).

Teacher’s Age

Gender

Highest Education Level

Experience in Teaching (Years & Months)

School Teacher?

Paper Marking Panel Experience


ඔබගේ දැන්වීම Featured Ad එකක් කිරීමට අවශ්‍ය නම්, පහත ආකරයට දක්වා ඇති කොටුව tick කරන්න

ඔබට ඕනෑම වෙලාවක පහත ආකාරයට My Ads හරහා ඔබේ දැන්වීම Featured Ad එකක් කර ගත හැකිය.

ඔබගේ දැන්වීම submit කරන තුරු එය save නොවේ.

එබැවින් ඔබ submit නොකර පිටුවෙන් එවතට ගියහොත් ඔබගේ දැන්වීම් විස්තර නැති වීමේ අවදානමක් ඇත.

ඔබේ දැන්වීම submit කිරීම

ඉහත දැක්වූ ආකාරයට සියලු තොරතුරු ඇතුලත් කිරීමෙන් පසුව ඔබට දැන්වීම submit කළ හැක.

මෙයට User Information කොටසේ අවසානයේ ඇති Submit බොත්තම click කරන්න.

ඔබට අනිවාර්ය කොටසක් කෙසේ හෝ මඟහැරී ඇත්නම් පහත පෙන්වන ආකාරයට ඒ පිළිබඳව දන්වනු ලැබේ:

ඔබගේ දැන්වීම සාර්ථකව submit කළ පසු මේ ආකාරයට එය පෙන්වනු ලබයි:

දැන්වීම් Review කිරීම සහ Publish කිරීම


ඉදිරිපත් කරන ලද සියලුම දැන්වීම් publish කිරීමට පෙර අප විසින් review කරනු ලැබේ.

මේ සඳහා සාමාන්‍ය වශයෙන් පැය 24ක කාලයක් ගත වන අතර උපරිම පැය 48ක කාලයක් ගත විය හැක.

ඔබේ දැන්වීම publish කළ විට, අපි ඒ පිළිබඳව ඔබට email ලිපියක් මඟින් දැනුම් දෙන්නෙමු.

ප්‍රතික්ෂේප කළ දැන්වීම්

සමහර අවස්ථාවන් වලදී දැන්වීම් ප්‍රතික්ශේප විය හැක.

යම්කිසි හේතුවක් මත ඔබගේ දැන්වීම ප්‍රතික්ෂේප වුවහොත්, ඊට හේතු වූ කරුණු සහ ඒ සඳහා කළ යුතු දේ අප විසින් ඔබට දන්වනු ඇත.

එම ගැටළු නිවැරදි කළ පසු ඔබට දැන්වීම නැවත submit කළ හැක. සියලු දේ නිසි පරිදි ඇත්නම් ඔබගේ දැන්වීම වෙබ් අඩවියේ publish කරනු ලැබේ.

දැන්වීම් පැකේජයක් මිලදීගෙන දැන්ම ඔබගේ දැන්වීම පළ කරගන්න!

leave your comment

Top