අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label සේවර්. Show all posts
Showing posts with label සේවර්. Show all posts

Saturday, September 14, 2013

මයි ඇස් කිව් ඇල් - රෙප්ලිකේෂන්



ඔබත් දත්ත කටයුතු සදහා MySQL Databases භාවිතා කරන්නෙක් විය හැක. MySQL රෙප්ලිකේෂන් මගින් ඔබට ඔබගේ Database එකේ සිදුවන සිදුකරන සියලුම දේ වෙනත් තැනක හෝ පිටතින් පිහිටි Server එකක් තුල Database එකකට සිදුකල හැක. මෙහිදී ප්‍රධාන Server එක Master ලෙසත් රෙප්ලිකේෂන් වන Server එක SLAVE ලෙසත් හැදින්වේ.

Photo Credit :- blog.webyog.com


උදාහරණයක් ලෙස ඔබගේ Database එකට හැම අතින්ම සමන තවත් Database එකක් පවත්වාගත හැක. මෙම ක්‍රමය මගින් බොහෝ වාසි ලබාගතහැක.


  • ප්‍රධාන Database එක බිදවැටීමකදී දත්ත හානිය වලක්වාගැනීම
  • ක්ෂනිකව SLAVE Server එක Master Server එක බවට පත්කිරීමේ හැකියාව
  • අධික ලෙස යොදා ගැනෙන SELECT QUERY SLAVE සර්වරය මගින් කරගැනීම මගින් Master Server හි කාර්යක්ෂමතාවය වැඩිකරගැනීම
රෙප්ලිකේෂන්  ක්‍රියාත්මක කරගැනීම සදහා MySQL පමණක් ප්‍රමාණවත් වේ. අමතර මෘදුකාංග යොදාගතයුතු නැත. 

ඔබගේ ප්‍රධාන MySQL Database එක එක් සර්වරයක පවත්වාගන්න. SLAVE Server ලෙස Network Access තිබෙන පරිදි තවත් සමාන Server එකක් යොදාගන්න . මෙහි Database නමට සමාන නමකින් තුලද Database එකක් සකසාගන්න.

Friday, December 07, 2012

සබං නොවන සෝප් - පී ඇච් පී වලිං ලියමු

අද අපි තාක්ෂණික පුරස්නනයක් තියන තැනක් ගැන කතා කරමු.

සෝප් (SOAP) කියන කොට අපිට නිතරම මතක් වෙන්නේ සබං. නමුත් මේ කියන්නේ සබං කියන SOAP ගැන නම් නෙමෙයි. SOAP කියන වෙබ් සර්විස් එක ගැන විස්තර ටිකක්. එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක් තුල පවතින පද්ධති දෙකක්, එහෙමත් නැත්තම් එකිනෙකට දුරින් පවතින සර්වර් දෙකක් අතර දත්ත සහ ගොනු ආර්ක්ෂාකාරීව හුවමාරු කරගැනීමට මෙම වෙබ් සර්විස් එක භාවිතා කරනවා.

SOAP කියන වෙබ් සර්විස් එක හරියට නිකන් ලියුම් කවරයක් වගේ දෙයක්. ලියුම් කවරයට ලියුමක් දාලා ආරක්ෂිතව ලිපිය යවනවා වගේ මෙමගින් ආරක්ෂිතව දත්ත හුවමාරු කරන්න පුලුවන්. SOAP කියන වෙබ් සර්විස් එක HTTP සමග බැදී පවත්න අතර තොරතුරු තුලට ආරක්ෂාකාරී බවක් ගෙන දෙනවා. සාමාන්‍ය වෙබ් පිටුවක් මගින් යවනු ලබන GET method එකට අදාල request එකක් SOAP සමග සැසදීමේදී තැපැල් පතක් විදිහට සලකන්නත් පුලුවන්.

Thursday, September 20, 2012

ගෙදර ඉදන් ලිනක්ස් වර්චුවල් සේවර් එකක වැඩකරන්න


මෙන්න ලිනක්ස් ඕ.එස්. එක ඉගෙන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්. ලිනක්ස් කියන්නේ දැන් ලොකයේ වේගයෙන් පැතිරීගෙන යන මෙහෙයුම් පද්ධතියක්. බොහෝවිට සර්වර් සදහා තමයි ලිනක්ස් භාවිතා වෙන්නේ. සේවර් වලදි සාමාන්‍ය උදවිය ෆෙඩෝරා, සුසේ, උබුන්ටු සර්වර් වගේ ඒවා භාවිතා කලත් බිස්නස් වලදි එහෙමත් නැත්තම් ක්‍රිටිකල් ඩේටා තියන සේවර් වලදි රෙඩ් හැඩ් එන්ට්‍රප්‍රයිස් (RHEL) හරි සුසේ එන්ට්‍රප්‍රයිස් වගේ දේවල් භාවිතා කරනවා.

ඔයගොල්ලො අහලා ඇති වී.එම්. වෙයා එහෙමත් නැතිනම් වර්චුවල් සේවර් ගැන. ඒ කියන්නේ ප්‍රධාන සේවර් එකක් ඇතුලේ අපේ රාජකාරියට ගැලපෙන විදිහ කුඩා සර්වර් හදන එක. මේ විදිහට හදපු සර්වර් එකක අපිට ඕනි විදිහකට ටෙස්ටින් කරලා බලන්න පුලුවන්.

ඉන්ටනෙට් එකේ තියන http://linuxzoo.net/ කියන වෙබ් අඩවියට ගියානම් ඔයාලටත් පහසුවෙන් ඔයාලගෙම වර්චුවල් සර්වර් එකක වැඩකරන්න පුලුවං.

කරන්න තියෙන්නේ මෙච්චරයි.