අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label විද්‍යාව. Show all posts
Showing posts with label විද්‍යාව. Show all posts

Sunday, May 11, 2014

රුධිරය

රුධිරය අපට ජීවත්වීම සදහා නැතිවම බැරි ‍දෙයකි. නමුත් අනතුරකදී ‍හෝ ‍වෙනයම් ‍රෝගී තත්වයකදී ‍වෙනත් අයකු‍ගේ රුධිරය අප ශරීරයට ලබා දීමට සිදු‍වේ.

‍මෙහිදී ඕනෑම ‍කෙ‍නෙකු‍ගේ රුධිරය තවත් ‍කෙ‍නෙකුට ලබා දිය ‍නොහැක. ඒ සදහා රුධිර කාන්ඩය ගැලපිය යුතු‍වේ.

පහත වගු‍වෙන් රුධිරය ගැල‍පෙන ආකාරය දක්නට ලැ‍බේ.


Saturday, August 03, 2013

ගැලීලියෝ ගැලීලි - (ක්‍රි. ව.1564-1642)




 ඉතාලියේ පීසා හි උපන් මොහු කුඩා කල සිටම ශාස්ත්‍රීය පරීක්ෂණ කෙරෙහි යොමු විය. පසු කලෙක පීසා හි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගණිත මිනිත ශාස්ත්‍රයන් තවදුරටත් හැදෑරුවේ ය.ඔහුගේ විස්මිත නිර්මාණයක් වන ක්‍රි. . 1610  දී නිපද වූ දුරේක්ෂය මගින් ඔහු අගහරු ග්‍රහයා ගැන විවාදාත්මක කරුණු රැසක් ලොවට හෙළි කලේ ය. ඔහු ඉදිරිපත් කල අගහරු යනු රවුම්  ග්‍රහයකු නොවේ ය යන මතය සනාථ කරමින් පසු කලෙක අගහරුගේ ධ්‍රැව දෙක අතර දුරට වඩා සමකය ඔස්සේ හරස් අතට දුර වැඩි බව සොයා ගන්නා ලදී. එවකට සමාජයේ මුල් බැසගෙන තිබූ මතය වන අනෙක් ග්‍රහ වස්තූන් අප වටා කරකැවෙන බව බිද දමමින් සියලු ග්‍රහ වස්තූන් සූර්යයා වටා කරකැවෙන බව මුලින්ම සොයා ගත්තේ ද ගැලීලියෝ ය. තව ද බට්ටා සහිත පළමු වන ඔරලෝසුව නිපද වීමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුට ය. ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළද තාරකා ශාස්ත්‍රය තුළද එමෙන්ම ගණිත විද්‍යාවේ ආරම්භකයා ලෙසද ඔහු කල සේවය ඉමහත් ය