අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label පොත පත. Show all posts
Showing posts with label පොත පත. Show all posts

Thursday, March 13, 2014

රාජාවලිය

විජය හා උපතිස්ස ඇමති  තම්මැන්නා  543 - 504 ක්‍රි.පු. 38<br />
පඩුවස්දෙව්   තම්මැන්නා  504 - 474 ක්‍රි.පු. 30<br />
අභය   තම්මැන්නා  474 - 454 ක්‍රි.පු. 20
ගණතිස්ස   තම්මැන්නා  454 - 437 ක්‍රි.පු. 17<br />
පණ්ඩුකාභය   තම්මැන්නා  437 - 367 ක්‍රි.පු. 70
මුටසීව   අනුරාධපුර  367 - 307 ක්‍රි.පු. 60
දේවානම්පියතිස්ස  අනුරාධපුර  307 - 267 ක්‍රි.පු. 40
උත්තිය   අනුරාධපුර  267 - 257ක්‍රි.පු. 10
මහාසිව   අනුරාධපුර  257 - 247ක්‍රි.පු. 10
සූරතිස්ස   අනුරාධපුර  247 - 237ක්‍රි.පු. 10
සේන හා ගුත්තික අසරුවන් දෙදෙනා අනුරාධපුර  237 - 215ක්‍රි.පු. 22
අසේල   අනුරාධපුර  215 - 205ක්‍රි.පු. 10
එළාර   අනුරාධපුර  205 - 161ක්‍රි.පු. 44
දුටුගැමුණු   අනුරාධපුර  161 - 137ක්‍රි.පු. 24
සද්ධාතිස්ස   අනුරාධපුර  137 - 119ක්‍රි.පු. 18
තුලුනා   අනුරාධපුර  119 - 119ක්‍රි.පු. 0
ලප්පිතිස්ස   අනුරාධපුර  119 - 109ක්‍රි.පු. 9
ඛල්ලාටනාග   අනුරාධපුර  109 - 103ක්‍රි.පු. 6
වලගම්බා (පළමුවර)  අනුරාධපුර  103 - 103ක්‍රි.පු. 0
පූලහත්ථ  බාතිය පනයමාර පිළයමාර දාඨිය  අනුරාධපුර  133 - 88ක්‍රි.පු. 14

Wednesday, May 01, 2013

වදන් කවි පොතෙහි එන අක්‍ෂර විභාගය




වදන් කවි පොත යනු අතීතයේ අධ්‍යාපනය ආරම්භයේදී භාවිතා කල වැදගත් පොතකි. එම පොතෙහි එන අක්‍ෂර විභාගය කවි මෙසේ ඉදිරිපත් කෙරේ.

අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකුරු වදනින්

එක්සොර පස්වග යරලව සතරා
ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

කණ්ඨජ සත අහ කවගය වදනින්
තාලුජ සත ඉය චවගය වදනින්
මුර්ධජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ලස තවගය වදනින්

ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

මුදුනය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා

මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා

එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
දික්වූ නොම වණ සිටි එක මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

එකමත ලුහු යැයි දැනකි යමින්නේ
යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ

අවණය ආදී ඒකජ අකුරු
එවණය ඈ දනු ද්විජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

ගනිමින් පස්වග පළමු දෙවන කුර
සමගින් සවණ ද අගොසය කිවු පෙර
ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොස වන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි

පස්වග යුගසිවු දනිතය දන්නේ
එමවග වල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

සිතරා එක්කට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

පණසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුර සදමින්නේ
සොළසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ

සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළසද ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී

පෙර හස පරසොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්