අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label පුරා විද්‍යාව. Show all posts
Showing posts with label පුරා විද්‍යාව. Show all posts

Thursday, March 13, 2014

රාජාවලිය

විජය හා උපතිස්ස ඇමති  තම්මැන්නා  543 - 504 ක්‍රි.පු. 38<br />
පඩුවස්දෙව්   තම්මැන්නා  504 - 474 ක්‍රි.පු. 30<br />
අභය   තම්මැන්නා  474 - 454 ක්‍රි.පු. 20
ගණතිස්ස   තම්මැන්නා  454 - 437 ක්‍රි.පු. 17<br />
පණ්ඩුකාභය   තම්මැන්නා  437 - 367 ක්‍රි.පු. 70
මුටසීව   අනුරාධපුර  367 - 307 ක්‍රි.පු. 60
දේවානම්පියතිස්ස  අනුරාධපුර  307 - 267 ක්‍රි.පු. 40
උත්තිය   අනුරාධපුර  267 - 257ක්‍රි.පු. 10
මහාසිව   අනුරාධපුර  257 - 247ක්‍රි.පු. 10
සූරතිස්ස   අනුරාධපුර  247 - 237ක්‍රි.පු. 10
සේන හා ගුත්තික අසරුවන් දෙදෙනා අනුරාධපුර  237 - 215ක්‍රි.පු. 22
අසේල   අනුරාධපුර  215 - 205ක්‍රි.පු. 10
එළාර   අනුරාධපුර  205 - 161ක්‍රි.පු. 44
දුටුගැමුණු   අනුරාධපුර  161 - 137ක්‍රි.පු. 24
සද්ධාතිස්ස   අනුරාධපුර  137 - 119ක්‍රි.පු. 18
තුලුනා   අනුරාධපුර  119 - 119ක්‍රි.පු. 0
ලප්පිතිස්ස   අනුරාධපුර  119 - 109ක්‍රි.පු. 9
ඛල්ලාටනාග   අනුරාධපුර  109 - 103ක්‍රි.පු. 6
වලගම්බා (පළමුවර)  අනුරාධපුර  103 - 103ක්‍රි.පු. 0
පූලහත්ථ  බාතිය පනයමාර පිළයමාර දාඨිය  අනුරාධපුර  133 - 88ක්‍රි.පු. 14

Sunday, May 05, 2013

සීගිරි කුරුටු ගී



සීගිරිය ලෝකයේ ඇති සුන්දරතම නැරඹුම් ස්ථාන වලින් එකකි. සීගිරිය නිර්මානය කල කාෂ්‍යප රජතුමා ක්‍රි.ව. 473 සිට 491 දක්වා කාලය තුල සීගිරිය සිට රට පාලනය  කර ඇත. සීගිරියේ ඇති සුන්දරම ඉසව්ව වනුයේ සීගිරි චිත්‍ර වේ. මල් රැගත් කාන්තා රූප වන සීගිරි චිත්‍ර වලින් යම් ප්‍රමානයක් අදටත් ඉතිරිව පවතී.


ක්‍රි.ව. 7 වන සියවසෙන් පසුව ඉතා අලංකාර වූ මෙම චිත්‍ර සහ මාලිගය දැක බලාගැනීමට නන් දෙසින් ජනතාව පැමිණ ඇති අතර ඔවුන් තමන් දුටු අපූර්වත්වය කවියට නගා කැටපත් පවුර පුරා සටහන් කර ඇත. මෙය ක්‍රි.ව. 7 - 10 කාලයේ දී අපේ රටේ සාහිත්‍ය ගැන අධ්‍යයනයට හොද අවස්ථාවකි.



අද වනවිට කැටපත් පවුර සංරක්ෂනය කර ඇත. සීගිරි ගී අතර ඇති බුදල් ගේ කවිය අපූර්ව සුන්දරත්වයක් ගෙන දේ. කැටපත් පවුරේ ඇති සුන්දර සීගිරි ගී වලින් කොටසක් මෙසේ ඉදිරිපත් කෙරේ.


කොමුල් අමඩ් ලෙඩ්  ලිනසී
ඒ බොන්ද මියුර් යහ  බැසී
එක පල් දල වන් දිගැසී
මන ජල්වයි සිත්  නොමුසී

නිල් ක(ට්)රොළ මලෙකැ
ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැහැ සිහිවෙන්නෙය්
මහනෙල් වන (හ) ය් රන්වන හුස්

මෙය් වැනි ගිරින්දෙක් මෙ ලක්දිව් වන් සග් මෙනි
යෙනු බලජු නොදැක, කැට බිත තුබුසෙය
නැගි ඇති බලනට බැලිමි සී හිමියන් සිහිගිරි
යජත් සෙමෙන් තිදස් පුර උසුලයි සිහිගිරි

එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.

නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

තොස කතුන් බලන ලදිමි සිහිගිරි ගල මත
දත් මේ හිමබුන් මෙහි ඇසිරියට සිටි
මා පෙමින් කැන්දියෙ එක මගා දිගැස් බලනෙය

හවුළ් මරු ජහස්සුයුනස් සන්දල්ලා
තුරු ගළ් කො හළ් හූ බලගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තම්බළපල්ලා
පැ රැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා

බුදල්මි
සියො වැ ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් නො ලීමි

Friday, July 27, 2012

සල්ලි..............සල්ලි..................සල්ලි

ශ්‍රී ලංකාවේ පුරාතන කාලයේ සිට අද දක්වා විවිධ භාන්ඩ හුවමාරුවේන් ආරම්භ කෙරුණු ගණුදෙනු අද වන විට විද්‍යුත් ක්‍රමයන් දක්වා ව්‍යාප්ත වී තියනවා. මුල් කාලයේදී භාණ්ඩ හුවමාරුවත්, පසු කාලීනව සිප්පි කටු රන් දිරී ආදී ද්‍රව්‍ය යත්, පසුව කාසි භාවිතයත්, මුදල් නෝට්ටු භාවිතයත්, චෙක් පත් මගින් ගණුදෙනු කිරීම, ණය කාඩ්පත් මගින් ගණුදෙනු කිරීම, ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත් මගින් ගණුදෙනු කිරීම දක්වාම ගණුදෙනු කරන ක්‍රම වේදයන් දියුණු වුනා. අද වන විට ජංගම දුරකථනයෙන් (SMS, Wallet, NFS) ගණුදෙනු කරන තරමටම ලෝකය දියුණුවට පත් වෙලා. මෙසේ මුදල් ගණුදෙනු නව තාක්ෂණය හා මුසුවීමත් සමග කාසි සහ මුදල් නෝට්ටු යන්න ක්‍රමයෙන් අභාවයට පත්වෙමින් යනවා. අපි පොඩි දවස්වල දැකපු මුදල් නෝට්ටු පවා අද වන විට අලුත් විදිමට මුද්‍රණය වෙලා......