අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Saturday, October 04, 2014

සසදාවත

පුරාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය:
කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමිසඳ
පළ කළ දම් රජසිරි - මෙවැටුම්හි පිටුබල වී’
මේ අනුව පොළොන්නරු යුගයේ ලීලාවතී රාඥ˜යගේ රාජ්‍ය සමයේ සසදාවත ලියැවී ඇත. මහා පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වූ ලීලාවතී රාඥ˜ය සතුරු උවදුරු මැද තුන් වරක් ම කිරුළ පැලඳීමට සමත් වූවා ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිහසුන හෙබැවූ රජු හෝ රැජන හෝ වන්නේ ඇය යි. එතුමියගේ ප‍්‍රථම රාජ්‍ය කාලයේ එනම්; කි‍්‍ර.ව. 1197 - 1200 වසර තුන ඇතුළත සසදාවත ලියැවුණු බැව් පැහැදිලි ය.
කතුවරයාගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේගේ ගුණයකින් එක් කොටසක් මැණික් මල්දමක් සේ දැක්ම බව ‘ඉතිදු මුනි ගුණෙන් දෙස් මිනිමලෙව් දැක්මට’ යන්නෙන් ප‍්‍රකාශ වේ. ඒ අනුව මේ කාව්‍යය සඳහා කතුවරයා තෝරා ගෙන ඇත්තේ පාලි ජාතකට්ඨකතාවේ 316 වැන්න වූ සස ජාතකය යි. ඊට අනුරූපී ව සසදාවත නමින් කෘතිය හැඳින්වී ඇතත් මෙයට ‘කාව්‍යතිලකය’ යන අන්වර්ථ නාමයක් වූ වග ආසන්න කාලයේ ම ලියැවුණු සසදාවත සන්නසෙන් අනාවරණය වේ. සස ජාතකයෙන් කියැවෙනුයේ බෝසතුන් වහන්සේ සාකුලයේ ඉපිද දාන පාරමිතාව පිරූ ආකාරය යි. සඳමඬලේ සාවාගේ රුව සිත්තම් වුණු බැව් කියැවෙන්නේ මේ ජාතක කතාව ඇසුරු කොට ගෙන ය. ‘තොප පිළිඹිබට තිරසන්... හිමි සඳමඬල සුනු කළ’ යැයි සසදාවතේ බෝසත් සාවා ඊට යෝග්‍ය වූ බැව් පළ කෙරේ.
ගී විරිතින් ලියැවුණු සසදාවත ගී 293 කින් යුක්ත කාව්‍යයකි. මුවදෙව්දාවත මෙන් ම යා ගී විරිත මූලික කොට ගෙන කාව්‍යය ලියැවී ඇත. ගී 164 ක් වූ මුවදෙව්දාවත හා සසඳ්‍ර බලද්දී ප‍්‍රමාණයෙන් විශාල වූ බැවින් ‘කාව්‍යතිලක’ වැනි ව්‍යවහාරයකට එවක සුදුසු වූවා විය හැකි ය. එසේ වුවත් සසදාවත ද මුවදෙව්දාවත සේ ම මහා කාව්‍ය ගණයට නො ගැනේ. සසදාවත ද චණ්ඩ කාව්‍යයකි. එහෙත් එය සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායයේ එන බොහෝ වර්ණනාවන් ගෙන් සම්ප‍්‍රයුක්ත ය. මුවදෙව්දාවත්කරු මෙන් ම සසදාවත්කරු ද තමන් ප‍්‍රකාශ කරන්නට යන පුවත එක ගීයකට පිඩුකොට සැකෙවින් දක්වා ඇත්තේ මෙලෙසිනි:
‘දැකැ සා බමුණා - මුනිවරු එ සස් කල්
දල මැදරා සිසිදිසි - සිය මස්නි පුස්නා ලෙස්’

Wednesday, August 20, 2014

පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක්


අ‍සේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූ පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි. ‍මෙය එඩියුලංකා.LK ‍වෙබ් අඩවිය තුලින් ලබාගත හැක.



මෙම උත්සහය වනුය පන්තියක ලකුණු විශ්ලෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.

මෙහි Sheet 2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග ලකුණු විශ්ලෂණය කල හැක. සාමාන්‍යය ගණනය කිරීම සදහා පෙනීසිටි උපරිම විෂය ගණන යන කටුව කුල සිසුවෙකු පෙනීසිටින උපරිම විෂය ගණන සටහන් කළ යුතුව. ඊට අමතරව යමි සිසුවෙක් විෂයක් සදහා පෙනී නසිටියනම් ඒම කෙටුව කිසිවක් සදහන් නෙකල සිටිය යුතු ව. 0 සටහන් කළ හත් ඒම සිසුවා විෂයට ලබා ගත් ලකුණු ප්‍රමාණය 0 ලෙස වටහාගනී.


විමසීම් - +94716341436
නිර්මානය -  අසේල නිශ්ශංක

Tuesday, May 27, 2014

සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්



‍කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවි‍යෙකු වූ සාගර පලන්සූරිය ‍‍දේශපාලනය, පැවිදි දිවිය, ‍ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍ ‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සු‍දෝ සුදු කවි පන්තිය ‍මොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බ‍‍ව ‍‍කිව හැක.

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා

සු‍දෝසුදු කවි පන්ති‍යෙහි එන ‍මෙම කවිය මතක‍යේ නැති ‍‍කෙ‍නෙකු ‍නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද ‍මොහු විසින් රචනා කරනු ලැබීය.

‍කේයස් ‍ගේ කවි - කටු‍රොද ගම

බඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේ
කටුරොද ගම්මානයට මඳුනල එ න්නේ
පුර පසළොස්වකට පුන්සඳු පාය න්නේ
මැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ

වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට
මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ට
මිහිරි සිහින බැලුමට කිරි දරුව න්ට
පුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ට

කටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලු
මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලු
පැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු
කැපුමට සුළඟ රස ගී පවසනවා ලු

රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවී
ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවී
ජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවී
අදුත් කියයි රස සංගීතවත් කවී

නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණ
සිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
අම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියන
කිව්වම ඈ විතාළා මොකදැයි කරුණ

මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එලියක් කියා මොකවත් හෙම තියෙනව ද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොක ද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙ ක
පාට කියා ඇත්නම් ගතියක් මල ක
අම්මේ අත නොගෑවෙන එක තමයි දු ක

ලස්සණ කියන දේ නැහැයට වත් කණ ට
මගේ දිවට හරි මගෙ අතපය වල ට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට


‍කේයස් පිලිබද විස්තර
මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 

‍කේයස් පිලිබද ලිපි

සිළුමිණ - http://www.silumina.lk/punkalasa/20120311/_art.asp?fn=ar12031111
දැනුම - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15304%3A2010-06-14-05-54-40&catid=94%3Abiography&Itemid=117&lang=si

‍කේයස් පිලිබද ‍පොත් -  http://docs.google.com/viewer?url=http%3A%2F%2Fwww.pothpath.com%2Fwp-content%2Fuploads%2Fbooks%2FK.S  (SAGARA PALANSOORIYA)  01.pdf

Friday, February 21, 2014

ජනකවි රොත්තක්

ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජන සමාජය විසින් තම රැකියාවේ වෙහෙස මහන්සිය නිවා සන්සිදුවා ගැනීම සදහා නිර්මාණය කල සුන්දර ජනගී පෙලක් මෙ‍සේ ඉදිරිපත් කරමු.



වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනි
ඉන් එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි

පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ

අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉනට හවඩි කොහෙන් දුවේ
දැනට නිදා ගනින් දුවේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක්‌ දැම්මා
මෙසේ මියුරු තෙපළම්මා
පුතේ නාඩ නිදියම්මා

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක්‌ දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
තියෙන දෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී 

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා
පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා


Wednesday, May 01, 2013

වදන් කවි පොතෙහි එන අක්‍ෂර විභාගය




වදන් කවි පොත යනු අතීතයේ අධ්‍යාපනය ආරම්භයේදී භාවිතා කල වැදගත් පොතකි. එම පොතෙහි එන අක්‍ෂර විභාගය කවි මෙසේ ඉදිරිපත් කෙරේ.

අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකුරු වදනින්

එක්සොර පස්වග යරලව සතරා
ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

කණ්ඨජ සත අහ කවගය වදනින්
තාලුජ සත ඉය චවගය වදනින්
මුර්ධජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ලස තවගය වදනින්

ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

මුදුනය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා

මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා

එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
දික්වූ නොම වණ සිටි එක මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

එකමත ලුහු යැයි දැනකි යමින්නේ
යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ

අවණය ආදී ඒකජ අකුරු
එවණය ඈ දනු ද්විජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

ගනිමින් පස්වග පළමු දෙවන කුර
සමගින් සවණ ද අගොසය කිවු පෙර
ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොස වන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි

පස්වග යුගසිවු දනිතය දන්නේ
එමවග වල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

සිතරා එක්කට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

පණසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුර සදමින්නේ
සොළසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ

සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළසද ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී

පෙර හස පරසොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්

Sunday, February 24, 2013

එහෙං මෙහෙට දත්ත ගන්න - නූ සෝප්


PHP ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා විවිධ වැඩසටහන් සහ වෙබ් අඩවි සකස් කරන බොහෝ දෙනෙක් අද වන විට සොයා ගන්න පුලුවන්. වෙනත් කෙනෙකුගෙන් ආරක්ෂිතව දත්ත ලබා ගැනීමට හෝ දත්ත ලබා දීමට ඔබ XML, RSS, SOAP හෝ වෙනත් ක්‍රම වේදයක් භාවිතා කරනවා විය හැකියි.

මෙම SOAP යන ක්‍රමය මගින් ලෝකයේ වෙනත් ස්ථානයක හෝ ඔබේ ම වෙනත් සර්වර් එකක් තුල ඇති දත්ත පහසුවෙන් ඔබේ වෙබ් පිටුව මත දර්ශනය කරගත හැක. 

ප්‍රායෝගික උදාහරණ ලෙස -
  • වෙනත් ස්ථානයක යාවත්කාලීන වන පුවත් 
  • ලෝකයේ නිරන්තරයෙන් යාවත්කාලීනවන කාලගුණ වාර්තාව
  • කොටස් වෙලදපල තොරතුරු
  • විනිමය අනුපාත

සදහන් කල හැකියි. 


Sunday, November 18, 2012

බැද්දේ ගුරු තරුව හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා



බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් උඩුවර 7 කනුව ප්‍රදේශයේ වලස්බැද්ද නම් ග්‍රාමයෙහි පිහිටි ඉතා දුශ්කර අඩු පහසුකම් සහිත පාසලක් විය. 1958 වසරෙහි ආර්ම්භ කල උඩුවර සිට කිලෝමීටර් 15 පමන 

Friday, September 07, 2012

ජනකවි

ඔන්න ටිකක් විතර ප්‍රසිද්ද ජන කවි ටිකක් තියනවා...

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය රැලේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

බොඹු ඉදල දලු ලා දෝ නො ලා දෝ
කෙකටිය මලේ වක යා දෝ නො යා දෝ
කැලණි ග‍ෙඟ් ඔරු යා දෝ නො යා දෝ
කළුගේ නගා මෙහි ඒ දෝ නො ඒ දෝ

මොටද උපන්නේ මේ වියළුවේ රටේ
බැදපු ගල් බැම්ම මයියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ

මෙව්වා ටික ලියලා තිබුනෙ අපේ මහ ගෙදර -
http://www.edulanka.lk/primary/grade-4/janakawiya-4

Sunday, August 05, 2012

උසස් පෙළට ලෑස්තිද?

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පටන් ගන්න යන්නේ. අපේ අයත් දවස් ගනන් එක දිගට පාඩං කොරලා හිතේ තියන බර දෙයියනේ කියලා ඈවර කරගන්න තමයි සැරසෙන්නේ. මේ දවස්වල තමයි  හිතට  වැඩිපුරම බර දැනෙන්නේ. කොහොම හරි හිතේ තියන ඔක්කොම දේවල් මොලේ කල්පනා කොරලා ලියලා දාන්න ඕනැ නොවැ.

ගොඩක් පාඩං කොරලා ඉවර වෙලා පොඩි විවේකයක් ගන්නත් එක්ක අන්තර්ජාලෙ පැත්තේ එන අයත් ඉන්නවා. සංයුක්ත ගණිතය උගන්වන අපේ ධනුෂ්ක කොග්ගල මහත්තයා ගිය අවුරුද්දේ උසස්පෙළ විභාගයට අනුමාන කරලා එඩියුලංකා වෙබ් එකට දාපු සංයුක්ත ගණිතය මොඩල් පේපර් ටිකත් පුලුවන් කෙනෙක් ඉන්නවනම් හදලා ගියාට වරදක් නෑ.

මේක තමයි දිගුව - http://www.edulanka.lk/a-level/combined-maths

කෙහොම කොහොම හරි හිතේ බය ඇති කොරගන්නේ නැතිව විභාගය හොදින් ලියන්න හැකි වෙන්න කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කොරන්නේ.






Thursday, July 19, 2012

මයි එස් කිව් එල් - Queries

SQL Queries ලියන විට බොහෝ විට වැදගත්වන Queries කිහිපයක් මෙසේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

දත්ත සංචිතය තුල පවත්නා එක් table එකක් මගින් තවත් table එකක් අප්ඩේට් කිරීමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් SQL Queriesnbsp;ලිවීම කල හැක. 

UPDATE `Table_1` c, Table_2 n

SET n.to_field = c.from_field
WHERE n.id = c.id


SQL ට්‍රිගර්ස් ගැන දන්නවද?





SQL trigger ලෙස හදුන්වන්නේ database table එකක් තුල සිදුවන යම්කිසි ක්‍රි යාකාරකමක් නිසා ක්‍රියාත්මක වන SQL statement එකක් හෝSQL statements කිහිපයකිමෙහිදී ක්‍රි යාකාරකමක් ලෙස හැදින්වූයේ INSERT, UPDATE  හෝ DELETE යන ක්‍රි යාවක් සිදුවීමයිමෙයදbefore හෝ after ලෙස INSERT, UPDATE  හෝ DELETE යන ක්‍රි යාවක් සිදුවීමයට පෙර හෝ පසු සිදුවන ආකාරයට යොදා ගත හැකඑසේසැලකූ විට ඕනෑම table එකක් සදහා SQL trigger 6ක් ලිවිය හැකඑක් SQL trigger එකක් තුල ඕනෑ තරම් SQL statements භාවිතාකල හැක.


සරලව පැවසුවහොත් සරල SQL statement එකක් මගින් එක් table එකක් තුල සිදුකරන සුලු වෙනස්කමකින් උවද table ඕනෑ ප්රමාණයකවිශාල වශයෙන් වෙනස්කම් සිදුකල හැකමෙය යොදාගැනීමෙන් user කෙනෙකුගේ මැදිහත්වීමෙන් run කලයුතු php හො වෙනත් scriptගනනාවකින් සිදුවන ක්රියාවලිය backend තුලින් ඉතා සරලව සිදුකරගතහැක.


උදාහරණයක් ලෙසින් දත්ත INSERT කිරීමක දී එම දත්ත වල වලංගු භාවය පරීක්ෂාකර වලංගු දත්ත පමණක් INSERT කිරීමට හා/හෝ වැරැදිදත්ත වෙනත් table එකක් තුලට යැවිය යුතුනම් SQL trigger එකක් before INSERT සදහා ලිවීමෙන් එය සිදුකල හැකමෙහිදී user කෙනෙකුගේමැදිහත්වීමක් error check කිරීම සදහා අවශ් නොවේSQL triggers MySQL, SQL Servers, MS SQL වැනි ඕනෑම තැනක භාවිතා කල හැක.



MySQL තුලදී trigger .trg ලෙසින් දත්ත directory තුල සකස්වේ.

/data_folder/database_name/table_name.trg
MySQL සදහා trigger ලියන අයුරු...
1. CREATE TRIGGER - අනිවාර්ය වේ.
2. table නම
3. before හෝ after යන්න
4. FOR EACH ROW BEGIN
5. SQL statements - අවශ්යතාවය පරිදි
6. END$$ - අවසානය
උදාහරණයක්....
CREATE TRIGGER before_employee_update
BEFORE UPDATE ON employees
FOR EACH ROW BEGIN
INSERT INTO employees_audit SET action = 'update',
employeeNumber = OLD.employeeNumber, lastname = OLD.lastname,changedon = NOW();
END$$





මෙහි නියම ලිපිය - http://www.edulanka.lk/information-technology/databases/sql-triggers

Monday, July 16, 2012

රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා

රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ - තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම්කෙසේ පවසම්එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා

 පුන්මදා රා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉතා
උන්එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැ‍ඳේ
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් ත‍ඳේ
මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

පා පියුම් බිඟු රොන් සළා වන් දිලිරුවන් නුපූර ගොසේ
පාදගම් රා නාදනූ කොට ගත් නුටුම් සුරඟන රැසේ
ලූබැලුම් පමණින් සුරන් සිත් මත් කෙරෙත් මැයි නොකම සේ
ඒ රැඟුම් රඟ දුටු දනෝ නුමුළා වෙති යි පවසම් කෙසේ

 පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක් නුබේ
රූ නිමල් සුර ලිය තොසින් බැසැ රඟ කෙරෙත් නර රජ සබේ
මී රිකල් තත් සුන් වෙණින් බෝසත් ඔවුන් කර වයි ලොබේ
මේ සියල් විසිතුරු උතුම් එක තැනැ දැකුම් කිකලෙක ලැබේ

---- ගුත්තිලයෙන් ----