අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Tuesday, August 14, 2012

ස්ටෝර්ඩ් ප්‍රොසීඩියර් ද මොනාද ඒවා

MySQL දත්ත සංචිත භාවිතා කරන්නකුට වැදගත් අංශයක්,



ස්ටෝර්ඩ් ප්‍රොසීඩියර්, මයි ඇස් කිව් ඇල්, ඇම් ඇස් ඇස් කිව් ඇල් වගේ දත්ත සංචිත භාවිතා කරන එක්ස්පර්ට් කෙනෙකුට නම් මේ   වචනය එතරම් අමුතු දෙයක් නොවන බව කියන්න පුලුවං. ඒත් මේ ගැන එතරම් දැනීමක් නැති MySQL දත්ත සංචිත භාවිතා කරන්නකුට මෙම දේ වැදගත් විය හැකියි.

ස්ටෝර්ඩ් ප්‍රොසීඩියර් කියන්නේ MySQL වගේ තවත් බොහෝ තැන්වල භාවිතා කරන Database තුල ගබඩා කර ඇති වැඩසටහන් (Program) කොටසක්. මෙම වැඩසටහන් කොටස තුල SQL Queries එකක් හෝ කිහිපයක් අඩංගු කල හැකිවේ. SQL Queries සදහා ලබාදිය යුතු විචල්‍යන්ද මෙම ස්ටෝර්ඩ් ප්‍රොසීඩියර්  තුලට ඇතුලත් කල හැක.

Sunday, August 05, 2012

උසස් පෙළට ලෑස්තිද?

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පටන් ගන්න යන්නේ. අපේ අයත් දවස් ගනන් එක දිගට පාඩං කොරලා හිතේ තියන බර දෙයියනේ කියලා ඈවර කරගන්න තමයි සැරසෙන්නේ. මේ දවස්වල තමයි  හිතට  වැඩිපුරම බර දැනෙන්නේ. කොහොම හරි හිතේ තියන ඔක්කොම දේවල් මොලේ කල්පනා කොරලා ලියලා දාන්න ඕනැ නොවැ.

ගොඩක් පාඩං කොරලා ඉවර වෙලා පොඩි විවේකයක් ගන්නත් එක්ක අන්තර්ජාලෙ පැත්තේ එන අයත් ඉන්නවා. සංයුක්ත ගණිතය උගන්වන අපේ ධනුෂ්ක කොග්ගල මහත්තයා ගිය අවුරුද්දේ උසස්පෙළ විභාගයට අනුමාන කරලා එඩියුලංකා වෙබ් එකට දාපු සංයුක්ත ගණිතය මොඩල් පේපර් ටිකත් පුලුවන් කෙනෙක් ඉන්නවනම් හදලා ගියාට වරදක් නෑ.

මේක තමයි දිගුව - http://www.edulanka.lk/a-level/combined-maths

කෙහොම කොහොම හරි හිතේ බය ඇති කොරගන්නේ නැතිව විභාගය හොදින් ලියන්න හැකි වෙන්න කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කොරන්නේ.