අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Friday, December 07, 2012

සබං නොවන සෝප් - පී ඇච් පී වලිං ලියමු

අද අපි තාක්ෂණික පුරස්නනයක් තියන තැනක් ගැන කතා කරමු.

සෝප් (SOAP) කියන කොට අපිට නිතරම මතක් වෙන්නේ සබං. නමුත් මේ කියන්නේ සබං කියන SOAP ගැන නම් නෙමෙයි. SOAP කියන වෙබ් සර්විස් එක ගැන විස්තර ටිකක්. එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක් තුල පවතින පද්ධති දෙකක්, එහෙමත් නැත්තම් එකිනෙකට දුරින් පවතින සර්වර් දෙකක් අතර දත්ත සහ ගොනු ආර්ක්ෂාකාරීව හුවමාරු කරගැනීමට මෙම වෙබ් සර්විස් එක භාවිතා කරනවා.

SOAP කියන වෙබ් සර්විස් එක හරියට නිකන් ලියුම් කවරයක් වගේ දෙයක්. ලියුම් කවරයට ලියුමක් දාලා ආරක්ෂිතව ලිපිය යවනවා වගේ මෙමගින් ආරක්ෂිතව දත්ත හුවමාරු කරන්න පුලුවන්. SOAP කියන වෙබ් සර්විස් එක HTTP සමග බැදී පවත්න අතර තොරතුරු තුලට ආරක්ෂාකාරී බවක් ගෙන දෙනවා. සාමාන්‍ය වෙබ් පිටුවක් මගින් යවනු ලබන GET method එකට අදාල request එකක් SOAP සමග සැසදීමේදී තැපැල් පතක් විදිහට සලකන්නත් පුලුවන්.


SOAP කියන service එක භාවිතා කරන තැන් කිහිපයකුත් කිව්වනම් වඩාත් පැහැදිලි වෙයි කියලා තමයි මට හිතෙන්නේ.



  • අපේ වෙබ් පිටුවක් මගින් Online Payment එකක් කරන වෙලාවක බැංකුවක් හා සම්බන්ධ වීමේ අවස්ථාවකදී බැංකුව කවදාවත් එයාලගේ දත්ත වලට යොමුවෙන්න පිටස්තර පාර්ශවයන්ට අවස්ථාව ලබාදෙන්නේ නෑ. අන්න ඒ වෙලාවට එයාල SOAP  වලින් සකස් කල API එකක් ලබා දෙනවා. අපි එයාලගේ දත්ත ලබා ගන්නෙත් එයාලට දත්ත ලබා දෙන්නෙත් මෙන්න මේ SOAP මගින් තමයි.
  •  ඇමරිකාව වගේ රටක තියන සේවාවක් (කාලගුණික තොරතුරු) අපගේ වැඩසටහනකට යොදා ගැනීමට සිදුවෙනවා. නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු එයාලගෙන් ලබාගන්නට මෙම ක්‍රමය භාවිත කරන්න පුලුවන්.
SOAP සේවාවෙ තියන වැදගත්ම කාරනය වන්නේ එය සර්වරය, භාෂාව මත (Platform Independent) තීරනය නොවන දෙයක් වීමයි. ඔබගේ ක්‍රමලේඛන භාෂාව PHP,JAVA, C++, C#, VB.NET, ASP, JSP, Python හෝ කුමක් වුවත් ඒ ඒ භාෂා ඇති වැඩසටහන් අතර පහසුවෙන් ගණුදෙනු කල හැකිවේ. උදාහරණයක් ලෙස Oracle Database හා Java මගින් සකස් කරනු ලැබූ වැඩසටහනක සිට PHP හා MySQL වැඩසටහනකට දත්ත නිරන්තරයෙන් (යාවත්කාලීන වන සැනින්) ලබා දීමට මෙම සේවාව භාවිත කල හැක.



SOAP මගින් යවනු ලබන්නේ Request එකකි. ඒ සහහා  Response එකට අනෙක් පාර්ශවයෙන් ලබා දේ. මෙම Request හා Response යන දෙකම යොමු කරන්නේ XML ආකාරයෙන් වේ. එම Request, Response Parameters හා ඒ සම්බන්ධ ව්‍යූහය වෙනත් ගොනුවක තැම්පත් කරනු ලබයි. එම ගොනුව .WSDL ගොණුවක් වේ.

PHP මගින් SOAP භාවිතයේදී Request ගොනුව (Client), Respond ගොනුව (Server) සහ ව්‍යූහය ඇතුලත් WSDL ගොනුවක් අවශ්‍ය වේ. තවද PHP-SOAP CLIENT Extension ක්‍රියාත්මක කරගැනීමද වැදගත් වේ.

සෙස්ස ඉදිරි දිනයක ......