අලුත් ලිපි

5.05.2013

සීගිරි කුරුටු ගී



සීගිරිය ලෝකයේ ඇති සුන්දරතම නැරඹුම් ස්ථාන වලින් එකකි. සීගිරිය නිර්මානය කල කාෂ්‍යප රජතුමා ක්‍රි.ව. 473 සිට 491 දක්වා කාලය තුල සීගිරිය සිට රට පාලනය  කර ඇත. සීගිරියේ ඇති සුන්දරම ඉසව්ව වනුයේ සීගිරි චිත්‍ර වේ. මල් රැගත් කාන්තා රූප වන සීගිරි චිත්‍ර වලින් යම් ප්‍රමානයක් අදටත් ඉතිරිව පවතී.


ක්‍රි.ව. 7 වන සියවසෙන් පසුව ඉතා අලංකාර වූ මෙම චිත්‍ර සහ මාලිගය දැක බලාගැනීමට නන් දෙසින් ජනතාව පැමිණ ඇති අතර ඔවුන් තමන් දුටු අපූර්වත්වය කවියට නගා කැටපත් පවුර පුරා සටහන් කර ඇත. මෙය ක්‍රි.ව. 7 - 10 කාලයේ දී අපේ රටේ සාහිත්‍ය ගැන අධ්‍යයනයට හොද අවස්ථාවකි.



අද වනවිට කැටපත් පවුර සංරක්ෂනය කර ඇත. සීගිරි ගී අතර ඇති බුදල් ගේ කවිය අපූර්ව සුන්දරත්වයක් ගෙන දේ. කැටපත් පවුරේ ඇති සුන්දර සීගිරි ගී වලින් කොටසක් මෙසේ ඉදිරිපත් කෙරේ.


කොමුල් අමඩ් ලෙඩ්  ලිනසී
ඒ බොන්ද මියුර් යහ  බැසී
එක පල් දල වන් දිගැසී
මන ජල්වයි සිත්  නොමුසී

නිල් ක(ට්)රොළ මලෙකැ
ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැහැ සිහිවෙන්නෙය්
මහනෙල් වන (හ) ය් රන්වන හුස්

මෙය් වැනි ගිරින්දෙක් මෙ ලක්දිව් වන් සග් මෙනි
යෙනු බලජු නොදැක, කැට බිත තුබුසෙය
නැගි ඇති බලනට බැලිමි සී හිමියන් සිහිගිරි
යජත් සෙමෙන් තිදස් පුර උසුලයි සිහිගිරි

එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.

නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

තොස කතුන් බලන ලදිමි සිහිගිරි ගල මත
දත් මේ හිමබුන් මෙහි ඇසිරියට සිටි
මා පෙමින් කැන්දියෙ එක මගා දිගැස් බලනෙය

හවුළ් මරු ජහස්සුයුනස් සන්දල්ලා
තුරු ගළ් කො හළ් හූ බලගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තම්බළපල්ලා
පැ රැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා

බුදල්මි
සියො වැ ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් නො ලීමි

5.01.2013

වදන් කවි පොතෙහි එන අක්‍ෂර විභාගය




වදන් කවි පොත යනු අතීතයේ අධ්‍යාපනය ආරම්භයේදී භාවිතා කල වැදගත් පොතකි. එම පොතෙහි එන අක්‍ෂර විභාගය කවි මෙසේ ඉදිරිපත් කෙරේ.

අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකුරු වදනින්

එක්සොර පස්වග යරලව සතරා
ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

කණ්ඨජ සත අහ කවගය වදනින්
තාලුජ සත ඉය චවගය වදනින්
මුර්ධජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ලස තවගය වදනින්

ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

මුදුනය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා

මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා

එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
දික්වූ නොම වණ සිටි එක මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

එකමත ලුහු යැයි දැනකි යමින්නේ
යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ

අවණය ආදී ඒකජ අකුරු
එවණය ඈ දනු ද්විජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

ගනිමින් පස්වග පළමු දෙවන කුර
සමගින් සවණ ද අගොසය කිවු පෙර
ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොස වන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි

පස්වග යුගසිවු දනිතය දන්නේ
එමවග වල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

සිතරා එක්කට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

පණසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුර සදමින්නේ
සොළසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ

සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළසද ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී

පෙර හස පරසොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්

4.26.2013

ළමයින් වෙනුවෙන්ම බිහිවුන විදුල ළමා ගුවන් විදුලිය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ගුවන් විදුලි සේවාවක් හදුන්වා දී තිබේ. මෙම ගුවන් විදුලි සේවාව හදුන්වන නාමය වන්නේ විදුල ළමා ගුවන් විදුලිය යි. FM 107.5 ඔස්සේ මෙම සේවාව රසවිදිය හැක.

වැඩි විස්තර සදහා - http://vidulafm.blogspot.com

4.04.2013

සා පෙළ ප්‍රතිඵල නිකුත් වේ

සාමාන්‍ය පෙළ 2012 ප්‍රතිඵල නිකුත් වේ.

ප්‍රතිඵල බැලීම සදහා - www.doenets.lk වෙත පිවිසෙන්න

එස් එම් එස් මගින් ලබා ගැනීමට - 


Type EXAMS <SPACE> INDEX NO and send to

Dialog   7777
Mobitel  8884
Etisalat  3926
Airtel     7545
Hutch    8888

2.28.2013

මොනවද මුත්තේ මොකද කරන්නේ


පුංචි කාලේ අපේ හිත් ගත්තු රූපවාහිනියේ නිතර ප්‍රචාරය වුන රෝහණ වීරසිංහයන්ගේ මේ සුන්දර ගීතය මතකද?



මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි



ගී පද : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ


අන්තර්ජාලය තුල හමුවූ ගීතය සදහා දිගුව  - මෙතනින්
නැරඹීම සදහා යූ ටියුබ් දිගුව - මෙතනින්

2.24.2013

බැද්දේ ගුරු තරුව හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා

බැද්දේ ගුරු තරුව හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා

එහෙං මෙහෙට දත්ත ගන්න - නූ සෝප්


PHP ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා විවිධ වැඩසටහන් සහ වෙබ් අඩවි සකස් කරන බොහෝ දෙනෙක් අද වන විට සොයා ගන්න පුලුවන්. වෙනත් කෙනෙකුගෙන් ආරක්ෂිතව දත්ත ලබා ගැනීමට හෝ දත්ත ලබා දීමට ඔබ XML, RSS, SOAP හෝ වෙනත් ක්‍රම වේදයක් භාවිතා කරනවා විය හැකියි.

මෙම SOAP යන ක්‍රමය මගින් ලෝකයේ වෙනත් ස්ථානයක හෝ ඔබේ ම වෙනත් සර්වර් එකක් තුල ඇති දත්ත පහසුවෙන් ඔබේ වෙබ් පිටුව මත දර්ශනය කරගත හැක. 

ප්‍රායෝගික උදාහරණ ලෙස -
  • වෙනත් ස්ථානයක යාවත්කාලීන වන පුවත් 
  • ලෝකයේ නිරන්තරයෙන් යාවත්කාලීනවන කාලගුණ වාර්තාව
  • කොටස් වෙලදපල තොරතුරු
  • විනිමය අනුපාත

සදහන් කල හැකියි. 


12.07.2012

සබං නොවන සෝප් - පී ඇච් පී වලිං ලියමු

අද අපි තාක්ෂණික පුරස්නනයක් තියන තැනක් ගැන කතා කරමු.

සෝප් (SOAP) කියන කොට අපිට නිතරම මතක් වෙන්නේ සබං. නමුත් මේ කියන්නේ සබං කියන SOAP ගැන නම් නෙමෙයි. SOAP කියන වෙබ් සර්විස් එක ගැන විස්තර ටිකක්. එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක් තුල පවතින පද්ධති දෙකක්, එහෙමත් නැත්තම් එකිනෙකට දුරින් පවතින සර්වර් දෙකක් අතර දත්ත සහ ගොනු ආර්ක්ෂාකාරීව හුවමාරු කරගැනීමට මෙම වෙබ් සර්විස් එක භාවිතා කරනවා.

SOAP කියන වෙබ් සර්විස් එක හරියට නිකන් ලියුම් කවරයක් වගේ දෙයක්. ලියුම් කවරයට ලියුමක් දාලා ආරක්ෂිතව ලිපිය යවනවා වගේ මෙමගින් ආරක්ෂිතව දත්ත හුවමාරු කරන්න පුලුවන්. SOAP කියන වෙබ් සර්විස් එක HTTP සමග බැදී පවත්න අතර තොරතුරු තුලට ආරක්ෂාකාරී බවක් ගෙන දෙනවා. සාමාන්‍ය වෙබ් පිටුවක් මගින් යවනු ලබන GET method එකට අදාල request එකක් SOAP සමග සැසදීමේදී තැපැල් පතක් විදිහට සලකන්නත් පුලුවන්.

11.18.2012

බැද්දේ ගුරු තරුව හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා



බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් උඩුවර 7 කනුව ප්‍රදේශයේ වලස්බැද්ද නම් ග්‍රාමයෙහි පිහිටි ඉතා දුශ්කර අඩු පහසුකම් සහිත පාසලක් විය. 1958 වසරෙහි ආර්ම්භ කල උඩුවර සිට කිලෝමීටර් 15 පමන 

9.20.2012

ගෙදර ඉදන් ලිනක්ස් වර්චුවල් සේවර් එකක වැඩකරන්න


මෙන්න ලිනක්ස් ඕ.එස්. එක ඉගෙන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්. ලිනක්ස් කියන්නේ දැන් ලොකයේ වේගයෙන් පැතිරීගෙන යන මෙහෙයුම් පද්ධතියක්. බොහෝවිට සර්වර් සදහා තමයි ලිනක්ස් භාවිතා වෙන්නේ. සේවර් වලදි සාමාන්‍ය උදවිය ෆෙඩෝරා, සුසේ, උබුන්ටු සර්වර් වගේ ඒවා භාවිතා කලත් බිස්නස් වලදි එහෙමත් නැත්තම් ක්‍රිටිකල් ඩේටා තියන සේවර් වලදි රෙඩ් හැඩ් එන්ට්‍රප්‍රයිස් (RHEL) හරි සුසේ එන්ට්‍රප්‍රයිස් වගේ දේවල් භාවිතා කරනවා.

ඔයගොල්ලො අහලා ඇති වී.එම්. වෙයා එහෙමත් නැතිනම් වර්චුවල් සේවර් ගැන. ඒ කියන්නේ ප්‍රධාන සේවර් එකක් ඇතුලේ අපේ රාජකාරියට ගැලපෙන විදිහ කුඩා සර්වර් හදන එක. මේ විදිහට හදපු සර්වර් එකක අපිට ඕනි විදිහකට ටෙස්ටින් කරලා බලන්න පුලුවන්.

ඉන්ටනෙට් එකේ තියන http://linuxzoo.net/ කියන වෙබ් අඩවියට ගියානම් ඔයාලටත් පහසුවෙන් ඔයාලගෙම වර්චුවල් සර්වර් එකක වැඩකරන්න පුලුවං.

කරන්න තියෙන්නේ මෙච්චරයි.



මූණු පොතේ අපි